Friday, September 18, 2015

Kawano Nagare In Sinhala





知らず(しらず)
නොදැනීම

ගලන ගඟකි ජීවිතය.....!


නොදැනීම ඇවිද විත්
මේ සිහින් දිග පටු මාවතේ
හැරී බැලූවිට නැවත, පෙනෙයි අර ඈත
මා උපන් ගම්පියස කුඩාවට

මඟ කියාදෙන සිතියමකවත් නැති  
වලගොඩැලි කටු කොහොල්
ගිරිදුර්ග මාවත් මැදින්
ගලා යන මේ තමයි ජීවිතය..

ගලයි.. ජීවිතය ගඟක් සේ හෙමින්
කාලවකවානු පසු කරමින් ,
ගලායයි ..
හැමදාම නොනැවතී.

සැන්දෑ අහස සායම් වෙවී
අඳුරුවෙන වෙන වාර අතරේ
ගලයි ජීවිතය ගඟක් සේ හෙමින්....

සංචාර කර කර ජීවිතය අරන්යන
මේ ගමන කෙරවරත් නොමැත
සදාදරණීයන්ද කැටිව, 
සිහින සොයමින් ගලයි ගඟක්සේ....

අසෙනි වැසිවලට තෙමිතෙමී
මඩ ගොහොරුවූ මාවත් පසුකරන් යමු
නැවත යම් දිනෙකදී වසන්තය
උදාවෙන නිසා......

නිදහස්ව හෙමිහෙමින් ගලන්නට
ඉඩදෙන්න මට
සීරුවට ගලන ගඟක් මෙන්
වෙනස්වන පරිසරය දකිමින්,විඳිමින්
දියවෙන හිමකැට දෙසද බලමින්.....

නිදහස්ව හෙමිහෙමින් ගලන්නට
ඉඩදෙන්න මට
සීරුවට ගලන ගඟක් මෙන්
කුඩා නිල්දිය පාරවල් ගලන නාදයට
සවන්දී සදහටම


සිංහල පරිවර්තනය,
光cpm






歩いて来た(あるいて きますた)
ඇවිද ආවා
細く長い(ほそいながい)
සිහින් දිග
道(みち)
මාවත/මාර්ගය
振り返る(ふりかえる)
ආවර්ජනය/හැරීබැලීම
遥か遠く(はるかとおく)
දුර ඈත
故郷(ふるさと)
ගම/උපන් ස්ථානය
見える(みえる)
පෙනෙනවා
でこぼこ
වල ගොඩැලි සහිත
曲がりくねった(まがりくねった)
බොහෝ වංගුසහිත
地図さえない(ちず)
සිතියමකවත් නැති අයුරින්
人生(じんせい)
ජීවිතය
流れ(ながれ)
ගලායාම
ゆるやかに
හෙමින්
時代(じだい)
කාලවකවානුව/යුගය
過ぎて(すぎる)
ගෙවීයාම
とめどなく
අවසානයක් නැති
空(そら)
අහස
黄昏(たそがれ)
සැන්දෑව
染まる(そまる)
සායම්/පාට කිරීම
生きる(いきる)
ජීවත්වීම
旅する(たび)
විවිධ තැන්වල සංචාරය
終わり(おわります)
අවසානය
愛(あい)
ආදරය
連れて(つれて)
සමඟ/කැටිව
雨に降られて(あめにふられて)
වැස්සට තෙමුණු
ぬかるんだ
තෙතසහිත/තෙත්වූ
晴れる日(はれるひ)
හොඳ/පැහැදිලි දිනක්
おだやかに
සන්සුන්/නිශ්චල
身(み)
ශරීරය/ජීවිතය
まかせていたい
ඉඩහරින්න කැමතියි
移りゆく(うつりゆく)
වෙනස්වන බව
季節(きせつ)
සෘතු
雪どける(ゆきどける)
හිම දියවීම
待ちながら(まちながら)
බලාසිටිමින්
いつでも
හැමදාම
青い(あおい)
නිල්පැහැ
せせらぎ
කුඩා දිය පාරවල්
聞きながら(ききながら)
අසා සිටිමින්